උදව් හා කොන්දේසි.


මෙම උපදෙස් හා කොන්දේසි වලට ඔබ එකග නොවේ නම් කරුණාකර ඍෂි වදන භාවිත කිරීමෙන් වලකින්න.


ඍෂි වදන වෙබ් අඩවියේ අඩංගු සියලුම සේවාවන් ඕනෑම අයෙකුට ලබා ගත හැකිද?

නොහැක. ඍෂි වදන වෙබ් අඩවියේ අන්තර්ගත සේවාවන් වලට ප්‍රවේශ විය හැක්කේ, ඍෂි වදන සමග ලියාපදිංචි වී සිටින සාමාජිකයින්ට පමණි.

ඍෂි වදන සමග ලියාපදිංචි වන්නේ කෙසේද?

1. ඩයලොග් හෝ හච් අංකයකින් #780*977# ඩයල් කර, අංක 1 තෝරා ගෙන ලියාපදිංචි විය හැකිය. එයාර්ටෙල් පරිභෝගිකයින් ලියාපදිංචි විය යුත්තේ REG හිස්තැනක් RS ලෙස ටයිප් කර 77110 ට සෙන්ඩ් කිරීමෙන්ය. (ලියාපදිංචිය සදහා දෛනිකව රු:5ක් හා ඊට අදාළ බදු මුදල් අය කෙරේ.)


ලියාපදිංචිය අහෝසි කර ගැනීම.

ඔබ කැමති ඕනෑම වේලාවක ඍෂි වදන සමග වූ ලියාපදිංචිය අහෝසි කර ගත හැකිය. ඒ සදහා;

UNREG හිස්තැනක් RS ලෙස ටයිප් කර 77110 ට සෙන්ඩ් කරන්න.

යම් ලෙසකින් එලෙස ඔබ ලියාපදිංචිය අහෝසි කළහොත් ඍෂි වදන සමග තවත් දෙවතාවක් ලියාපදිංචි වීමේ අවස්ථාව ඔබට ඇත. මෙලෙස තුන් වතාවක් ලියාපදිංචි වී නැවත අහෝසි කිරීම කළහොත් ඔබගේ දුරකථනය BLOCK තත්වයට පත් වනු ඇත. ඉන්පසු කිසිම හේතුවක් නිසාවත් ඔබට නැවත කිසිදු දිනෙක ඍෂි වදන සමග ලියාපදිංචි විය නොහැකිය.


ඍෂි වදන සේවාවන් වෙත ප්‍රවේශ වීමේදී ලබා දිය යුතු Access Code එක යනු කුමක්ද?

ඍෂි වදන වෙබ් අඩවියේ සේවාවන් වෙත ප්‍රවේශ වීම සදහා විශේෂ අංකයක් හෙවත් Access Code එකක් ලබා දිය යුතුය. එම අංකය නොමැතිව ඍෂි වදන අඩවියේ සේවාවන් වෙතට ප්‍රවේශ විය නොහැකි අතර මෙම Access Code නිකුත් කරනු ලබන්නේ දැනට ඍෂි වදන සමග ලියාපදිංචිව සිටින සාමාජිකයින්ට පමණි. එම Access Code එක ලබා ගන්නා ආකාරය ඍෂි වදන වෙබ් අඩවියේ මුල් පිටුවේ සදහන්ව ඇත.


එක වරක් ලබා ගත් Access Code එකක් දිගින් දිගටම භාවිත කල හැකිද?

නැත. එක වරක් ලබා ගත් Access Code එකක් වලංගු වන්නේ එක් වතාවක් ප්‍රවේශ වීම සදහා පමණි. එනිසා ඍෂි වදන වෙබ් අඩවියට ප්‍රවේශ වන සෑම අවස්ථාවකදීම අලුතින් Access Code එකක් ලබා ගත යුතුය.


ඍෂි වදන වෙත ප්‍රවේශ වීමට අන්තර්ජාල සම්බන්දතාවය හෙවත් Data connection එක ඩයලොග් හෝ හච් හෝ එයාර්ටෙල් වීම අනිවාර්යයද?

නැත. ඔබට ඕනෑම අන්තර්ජාල සම්බන්දතාවයකින් හෙවත් Data connection එකකින් ඍෂි වදන වෙත ප්‍රවේශ විය හැකිය. ඍෂි වදන වෙබ් අඩවියේ සේවාවන් වෙත ප්‍රවේශ වීමේදී අවශ්‍ය වන Access Code එක නිකුත් කරනු ලබන්නේ දැනට ඍෂි වදන සමග ලියාපදිංචිව සිටින ඩයලොග් හෝ හච් හෝ එයාර්ටෙල් දුරකථන වලට පමණක් බැවින් Access Code ලබා ගැනීමට නම් ඔබ සතුව අනිවාර්යයෙන් ඩයලොග් හෝ හච් හෝ එයාර්ටෙල් සම්බන්දතාවයක් තිබිය යුතුය.

ඔබගේ ඩයලොග් හෝ හච් හෝ එයාර්ටෙල් දුරකතනයට පැමිණෙන Access Code භාවිතයෙන් ඕනෑම අන්තර්ජාල සම්බන්දතාවයකින් හෙවත් Data connection එකකින් ඍෂි වදන වෙත ප්‍රවේශ විය හැකිය.


ඍෂි වදන හා දුරකථන සමාගම් අතර සම්බන්දතාවය.

ඍෂි වදන සදහා පාරිභෝගිකයින් ලියාපදිංචි කර ගැනීම, ගාස්තු අය කර ගැනීම හා Access Code එක ඔවුන් වෙත යැවීම සදහා ඩයලොග්, හච් හා එයාර්ටෙල් දුරකථන සමාගම් වල සේවය ලබා ගැනීම සිදු කරන අතර ඒ හැර වෙනත් කිසිදු සම්බන්දතාවයක් ඍෂි වදන හා අදාළ දුරකථන සමාගම් අතර නොමැති බව කරුණාවෙන් සලකන්න.


වගකීම හා භාවිතාවට අදාළ නියමයන්.

ඍෂි වදන සදහා පදනම්ව ඇත්තේ ජ්‍යොතිෂ්‍යය මුලධර්ම, අංක විද්‍යා සිද්ධාන්ත, ගුප්ත විද්‍යා නිමිති හා වෙනත් ඉපැරණි ගුප්ත විද්‍යා ක්‍රමවේදයන් ය. ඒවායේ සත්‍යතාවය හෝ අසත්‍යතාවය පිලිබදව හෝ ඍෂි වදන භාවිත කිරීම හේතුවෙන් ඇති විය හැකි කිසිදු ආකාරයක ගැටළුවක් සම්බන්ධයෙන් හෝ ඍෂි වදන වෙබ් අඩවියේ හිමිකරුවන් කිසිම වගකීමක් දරනු නොලැබේ.


මෙය පෞද්ගලික භාවිතය සදහා සකසනු ලද මෘදුකාංගයක් වන අතර වාණිජ පරමාර්ථයෙන් භාවිත කිරීම සපුරා තහනම් වේ.