පවුලේ සියලු දෙනාගේ ම හදහන් ගෙදර පරිගණකයෙන් බලා ගනිමු.

Rishi Wadana සිංහල ජ්‍යොතිෂ්‍යය මෘදුකාංගය Download කිරීමට ප‍්‍රථම කරුණාකර මෙම පිටුව හොඳින් කියවන්න.

ඍෂි වදන සිංහල ජ්‍යොතිෂ්‍යය මෘදුකාංගයේ තුන්වන අනුවාදනය (Version 3), පහත සදහන් මොඩියුල 18 න් සමන්විත වේ.

1 මොඩියුලය – ජීවිත පලාඑල පැවසීම.
මෙම මොඩියුලයට ශ්‍රී‍්‍ර ලංකාව තුළ උපන් ඕනෑම කෙනෙකුගේ උපන් දිනය හා වේලාව ල‎‎බා දුන් විට ඔහුගේ හෝ ඇයගේ චරිත ලක්ෂණ, ආර්ථික තත්ත්වය, සෞඛ්‍යය තත්ත්වය, විදේශ ගමන් ආදි කරුණු රාශියක් පිළි‎‎බඳව ඉතාමත් නිවැරදි හා පුදුමයට පත් කර වන සවිස්තරාත්මක පලාඑල විස්තරයක් සිංහලෙන් ල‎බා දෙයි.

2 මොඩියුලය – පෙර ආත්මය.
ඔබේ නම, උපන් දිනය හා උපන් වේලාව ල‎බා දුන් විට ඔබේ පෙර ආත්මයේ ජීවන තොරතුරු නිකුත් කරයි. ඔ‎බ අවසන් වරට මිනිස් ආත්මයක් ල‎‎බා ජීවත් වූයේ කොහේද?, ජීවත් වූ ආකාරය හා මිය ගිය ආකාරය සමඟ පෙර ආත්මයේ සම්පූර්ණ ජීවිත කථාව කියවා ගැනීමට මෙම මොඩියුලය භාවිතා කළ හැකිය. (මෙම මොඩියුලය බලා ගැනීම සදහා විශේෂ අංකයක් SMS හරහා ලබා ගත යුතු අතර ඒ සදහා රු: 30 + බදු අය කරන බව කරුණාවෙන් සලකන්න.)

3 මොඩියුලය – මරණය.
ඕනෑම අයෙකුගේ මරණය සිදු වන කාල වකවානු, මරණය සිදු වන ආකාරය හා දීර්ඝායුෂ ලැ‎බීමට කළ හැකි පිළියම් පිළි‎බඳව සවිස්තරාත්මක විග‍්‍රහයක් මෙම මොඩියුලයෙන් ල‎බා දෙයි.

4 මොඩියුලය – නැති වූ භාණ්ඬ සෙවීමේ නිමිත්ත.
ඔ‎බ නිවසේ දිනපතා කටයුතු වලදි අස්ථාන ගත වන යම් යම් දේවල් සොයා ගැනීම සඳහා මෙම අපූරු නිමිත්ත
භාවිතා කළ හැකිය. නැති වූ භාණ්ඩය හිමි පුද්ගලයා විසින් මෙම මොඩියුලය කි‍්‍රයාත්මක කළ විට නැති වූ භාණ්ඩය සොයා ගැනීමට උපකාරි වන නිවැරදි හෝඩුවාවක් පරිගණක තිරය මත ප‍්‍රදර්ශනය වේ.

5 මොඩියුලය – අද දවසේ පලාඑල.
ඉන්දියානු තත්කාල නිමිති ශාස්ත‍්‍රය පදනම් කර ගෙන දවසේ පලාඑල නිකුත් කරන අපූරු වැඩසටහනකි.

6 මොඩියුලය – උපන් දිනයට අනුව ඔබේ චරිත ලක්ෂණ.
ඕනෑම අයෙකුගේ උපන් දිනය ල‎බා දුන් විට ඔහුගේ හෝ ඇයගේ චරිත ලක්ෂණ පිළි‎‎බඳව සවිස්තරාත්මක විස්තරයක් ල‎බා දෙයි. අංක විද්‍යාව පදනම් කර ගෙන සකසා ඇත.

7 මොඩියුලය – අංක විද්‍යා පලාපල.
ඕනෑම අයෙකුගේ උපන් දිනය ඇතුළු කළ විට ඔහුගේ ජීවිතය පිළිබඳව සවිස්තරාත්මක අංක විද්‍යා විග‍්‍රහයක් ලබා දෙයි. ජීවිතයේ විවිධ කාල වකවානු හා එම කාල වකවානු ගෙවි යන ආකාරය, ප‍්‍රවේසම් විය යුතු අවධි ඇතුළුව ඉතා විශාල කාරණා රාශියක් සම්බන්ධව දීර්ඝ විස්තරයක් නිකුත් කරයි.

8 මොඩියුලය – නමින් භෙළි වන චරිත ලක්ෂණ.
ඕනෑම අයෙකුගේ නම ඇතුලත් කළ විට අංක විද්‍යානුකූලව ඉතාමත් නිවැරදි චරිත විස්තරයක් ල‎බා දෙයි. බටහිර අංක විද්‍යාව පදනම් කර ගෙන සැකසු වැඩසටහනකි. ල‎‎බා දෙන චරිත ලක්ෂණ ඉතා ඉහල නිරවද්‍ය තාවයකින් යුක්ත වේ.

9 මොඩියුලය – ප්‍රේමය හා විවාහය.
ආදර සම්බන්ධතා, ආදර සිතුවිලි, විවාහය, විවාහ සහකරුගේ හෝ සහකාරියගේ ස්වරූපය ඇතුළුව තවත් කරුණු ඇතුලත් පලාඑල විස්තරයක් ලබා දෙයි.

10 මොඩියුලය – වාසනා චක්‍රය.
අද දවසේ ඔබගේ වාසනාව ක්‍රියාත්මක ආකාරය හා ලොතරැයි ජයක් හිමිදැයි බලා ගත හැකිය. චීන ජාතිකයින්ගේ හ්සියා දින දසුන අනුසාරයෙන් ක්‍රියාත්මක කරන ඉපැරණි චීන ගුප්ත විද්‍යා ක්‍රමවේදයක් පදනම් කර ගෙන සකසා ඇත.

11 මොඩියුලය – ලොතරැයි ජය අංක.
අද දවසේ ඔබට ලොතරැයි වාසනාව උදා කරන ජය අංක පිලිබදව තොරතුරු ලබා දෙනු ලැබේ.

12 මොඩියුලය – මාසික පලාපල.
ඔබේ උපන් දත්තයන්ට අනුව ඕනෑම වර්ෂයක, ඕනෑම මාසයකට අදාලව පලාපල විස්තරයක් ලබා ගත හැකිය. ගෘහ ජීවිතය, ආර්ථික තත්වය, සෞඛ්‍ය තත්ත්වය, වැනි තවත් කරුණු මෙම පලාපල විස්තරයේ අන්තර්ගත වේ.

13 මොඩියුලය – ගුප්ත විද්‍යා රහස්.
එදිනෙදා ජීවිතයේදී වැදගත් වන විවිධ කාරණා විශාල ප්‍රමාණයක් සදහා යොදා ගත හැකි අත්දුටු ගුප්ත විද්‍යා රහස් අන්තර්ගත කර ඇත.  (උදා: ධනය ආකර්ෂණය කිරීමට, ව්‍යාපාර දියුණුවට, රැකියාවක් ලබා ගැනීමට, නිවසේ සතුට හා සාමය වර්ධනය වීමට, ලොතරැයි දිනුම් ලැබීමට ආදී තවත් කාරණා සදහා..)

14 මොඩියුලය – සිහින පලාපල.
ඔබේ උපන් දිනය හා සිහිනය දුටු දවස සලකා බලා අංක විද්‍යාත්මකව සිහිනයේ සුභාසුභ හා පලාපල නිකුත් කරයි.

15 මොඩියුලය – මතු ආත්මය.
ඔබට නැවත මිනිස් ආත්මයක් ලැබීමේ වාසනාව තිබේද? එසේනම් මතු ආත්මයේ උත්පත්තියට අදාල තොරතුරු, මතු ආත්මයේ උපත ලබන ප්‍රදේශය, මතු ආත්මයේ ජීවත් වීමට සිදු වන ආකාරය, මතු ආත්මයේ සමාජ තත්වය, මතු ආත්මයේ සශ්‍රීක ජීවිතයක් ගත කිරීමට මෙම ආත්මයේ හැසිරිය යුතු ආකාරය, ආදී කරණා රාශියක් පිලිබදව තොරතුරු නිකුත් කරයි. (මෙම මොඩියුලය බලා ගැනීම සදහා විශේෂ අංකයක් SMS හරහා ලබා ගත යුතු අතර ඒ සදහා රු: 30 + බදු අය කරන බව කරුණාවෙන් සලකන්න.)

16 මොඩියුලය – ශිල්ප ශක්ති.
කුඩා දරුවන්ගේ හැකියාවන්, දක්ෂතාවයන්, ඔවුන්ගේ අධ්‍යාපන තත්වය ආදී කුඩා දරුවන්ට අදාල තොරතුරු ලබා දේ. කුඩා දරුවන් පිලිබදව හොද අවබෝධයක් ලබා ගැනීමට දෙමාපියන්ට උපකාරී වන වැඩසටහනකි.

17 මොඩියුලය – සාර්ථකත්වයේ නිමිත්ත.
ඔබ ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තුවන යම් සැලසුමක් සාර්ථක වේද? නැතහොත් අසාර්ථක වේද? අසාර්ථක වේ නම් එය සාර්ථක කර ගන්නේ කෙසේද වැනි කාරණා පිලිබදව අනාවැකි පල කරන ඉන්දියානු නිමිති ක්‍රමයකි.

18 මොඩියුලය – අංක පොරොන්දම.
කාන්තාවකගේ හා පිරිමියෙකුගේ උත්පත්ති දත්තයන් ලබා දුන්විට ඔවුන්ගේ ගැලපීම් පිලිබදව තොරතුරු ලබා දෙන වැඩසටහනකි. දෙදෙනාගේ විශ්ව වාසනාව, දිව්‍ය වාසනාව, ස්වභාව දහම් වාසනාව, උත්පත්ති වාසනාව, ලිංගික වාසනාව පිලිබදව විස්තර හා සමස්ත ගැලපීම ප්‍රතිශතයක් ලෙස ලබා දේ.

මෙම මොඩියුල 18 ම ඇතුලත් ඍෂි වදන සිංහල ජ්‍යොතිෂ්‍යය මෘදුකාංගය දැන් ඔ‎බට මෙම වෙබ් අඩවිය ඔස්සේ ල‎බා ගත හැකිය. 

ස්ථාපනය (Install) කිරීමේ උපදෙස් සදහා පහත වීඩියෝව නරඹන්න.

 
♣ ඔබ ‎බාගත (Download) කර ගත් RishiWadanaSetup2017.exe ගොනුව කි‍්‍රයාත්මක කරන්න. ඉන් පසුව තිරයේ ප‍්‍රදර්ශනය වන උපදෙස් පිළිපඳින්න. විනාඩියකට අඩු කාලයකදි ඔබේ පරිගණකයට ඍෂි වදන සිංහල මෘදුකාංගය ස්ථාපනය කළ හැකිය.
♣ සාර්ථකව ස්ථාපනය වූ පසු ඔබගේ පරිගණකයේ ප‍්‍රධාන තිරයේ (Desktop) තිබෙන ඍෂි වදන ලෙස සඳහන් අයිකනය කි‍්‍රයාත්මක කරන්න. එවිට ඍෂි වදන මෘදුකාංගය ඔබගේ තිරය මත ප‍්‍රදර්ශනය වනු ඇත.

විශේෂ උපදෙස් :-

ඍෂි වදන සිංහල ජ්‍යොතිෂ්‍යය මෘදුකාංගය කි‍්‍රයාත්මක කර ගැනීම සඳහා තිරයේ අවම Resolution එක 1024*768 ක් වත් විය යුතුය.
ඍෂි වදන සිංහල ජ්‍යොතිෂ්‍යය මෘදුකාංගය ස්ථාපනය (Install) කිරීමට පෙර හා කි‍්‍රයාත්මක කිරීමට පෙර ඔබේ පරිගණකයේ දිනය හා වේලාව නිවැරදිව තිබේ දැයි  පරීක්ෂා කර බැලීමට අමතක නොකරන්න.
 Rishi_download2

කරුණාකර මෘදුකාංගය ක්‍රියාත්මක කිරීමට ප්‍රථම මෙම පිටුවේ තිබෙන උපදෙස් හොදින් කියවන්න.

http://www.rishiwadana.com/help

පසු සටහන: 
මෙය ජ්‍යොතිෂ්‍යය පිළිබඳව දැනුමක් නොමැති සාමාන්‍ය ජනතාවගේ භාවිතය සඳහා සකසනු ලැබු මෘදුකාංගයකි. වෘත්තීය ජ්‍යොතිෂවේදීන්ට එතරම් වැදගත් නොවිය හැකි ය.

 

මෙම මෘදුකාංගයේ කිසිදු වෛරසයක් හෝ හානිකර වැඩසටහනක් නොමැති බව ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කරමු.
–ඍෂි වදන නිෂ්පාදක කණ්ඩායම. —